30 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅජිත් රෝහණගේ මාරුව පොලිස් මූලස්ථානයට

අජිත් රෝහණගේ මාරුව පොලිස් මූලස්ථානයට

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නැගෙනහිර පළාතට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා.

ඒ වෙනුවට ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතයි. ජාතික පොලිස් කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදීයි එම තීරණය ගෙන ඇත්තේ.

තමන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිදුකළ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කළ බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් එවූ එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

මේ අතර මධ්‍යම පළාතේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කළ ප්‍රියන්ත වීරසූරිය ද ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබුණා. එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්වී නොමැති බවයි ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.