― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldහිටපු පෙම්වතා ඇතුළු 12ක් එළොව යැවූ තායි කතක් අත්අඩංගුවට

හිටපු පෙම්වතා ඇතුළු 12ක් එළොව යැවූ තායි කතක් අත්අඩංගුවට

සිය පෙම්වතා, යහළුවන් ඇතුළු සමීපතමයින් 12 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට තායිලන්ත පොලීසිය බැංකොක් නුවරදී කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ කාන්තාව 2020 වසරේ සිට වරින් වර සූක්ෂම ලෙස සයනයිඩ් ලබා දී මෙම ඝාතන සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුගියදා Sararat Rangsiwuthaporn නම් අදාළ සැකකාර කාන්තාවගේ මිතුරියකගේ අබිරහස් මියයාම සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශනවලදී ඇය විසින් සිදු කරන ලද අනෙකුත් ඝාතන පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

සයනයිඩ් ශරීරගත වීම නිසා මියගිය තරුණිය පසුගිය මාසයේ දී Sararat Rangsiwuthaporn නම් සැකකාර කාන්තාව සමග විනෝද චාරිකාවකට එක්ව ඇති අතර විනෝද චාරිකාවට ගිය අදාළ තරුණියගේ සිරුර බටහිර බැංකොක් ප්‍රදේශයේ ගං ඉවුරක තිබී පසුව සොයාගෙන ඇත. මළසිරුර සොයාගන්නා විට ඇයගේ ගමන් බෑගය, ජංගම දුරකතනය හා ඇය සන්තකයේ තිබූ මුදල් අස්ථානගත වී තිබේ.

අදාළ මරණය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇයගේ ශරීරයට සයනයිඩ් විෂ ඇතුළත් වී ඇති බවයි. මෙම ඝාතනය පිළිබඳ අදහස් පළකරමින් තායිලන්ත පොලිස් බලධාරීන් ප්‍රකාශ කරන්නේ මුදල් අවශ්‍යතාවක් මත අදාළ සැකකාරිය මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි.

පෙලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර කාන්තාව සිය පෙම්වතා, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු 12 දෙනා ද මෙලෙසින්ම සයනයිඩ් ශරීරගත කිරීමෙන් ඝාතන සිදුකර ඇති බවයි.

තායිලන්ත පොලිසිය සැක පළ කරන්නේ මුදල් අවශ්‍යතාවක් මත ඇය මෙම සිසලු ඝාතන සිදු කරන්නට ඇති බවටයි.