24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම ප්‍රතිව්‍යුගතකරණයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

ලංවිම ප්‍රතිව්‍යුගතකරණයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට තාක්ෂණික සහ මූල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

විදුලිබල අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා ඇතුළු එහි විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි මෙම එකඟතාව පළ කර ඇත්තේ.

විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලි ගාස්තු, විදුලිබල ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා ණය ආධාර වෙන් කිරීමටද ආසියානු සංවර්ධන බැංකුව එකඟවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.