25.6 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපුහුණු සැසියකදී ඇමරිකානු යානා දෙකක් එකිනෙක ගැටෙයි

පුහුණු සැසියකදී ඇමරිකානු යානා දෙකක් එකිනෙක ගැටෙයි

ඇමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ.

ඒ ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ දී එහි පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා.

අනතුරට ලක්වූ යානාවේ සිටි නියමුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එරට ගුවන් හමුදා බලධාරීන් සඳහන් කර තිබේ.

යානයේ නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් නිල තොරතුරු ලැබුණු විට මාධ්‍ය වෙත ලබාදීමට පියවර ගන්නා බවත් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එරට හමුදා ප්‍රකාශක John Pennell ප්‍රකාශ කර ඇත.