30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියාවේ ඉන්ධන ගබඩාවක ගින්නක්

රුසියාවේ ඉන්ධන ගබඩාවක ගින්නක්

රුසියාවේ ක්‍රයිමියා කලාපයේ ඉන්ධන ගබඩාවක විශාල ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ක්‍රයිමියාවේ ප්‍රධාන වරාය වන සෙවාස්ටොපෝල් ඉන්ධන ගබඩාවක එම ගින්න හටගෙන ඇති බවයි.

ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කරන අතර රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් මියගොස් ඇති අවස්ථාවක එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.