ලබන 7 වනදා ආරම්භවීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් තීන්දු කර තිබුණි.
එමෙන්ම තම අධිකරණය මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනයක් නොවන බව පෙන්වාදුන් විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්‍රදානය කිරීමට තම අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.
පෙත්සම්කාර නාගානන්ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, කොවිඩ් වසංගත තත්ත්වය සහ ගුරු වර්ජන රැල්ල හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු සිසුවියන්ගේ සමස්ත අධ්‍යයන කාලයෙන් සියයට 90 ක් පමණ අහිමි වූ බවත් එබැවින් අහිමි වූ කාලය සිසුන්ට නැවත ලබාදීම සඳහා ඉකුත් නොවැම්බරයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති 20 ක කාලයකට අපොස උසස්පෙළ විභාගය කල්දමන ලෙස අධ්‍යාපන බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළකළ අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින තියාරා වර්ණසූරිය සහ දෙව්සිනී දාබරේ යන සිසුවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළා.
පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට උසස් පෙළ විභාගය අත්හිටුවීමට කටයුතු කළහොත් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල අවුලකට පත්වීමට ඉඩතිබෙන බව අනතුරු අඟවා සිටී එම නීතිඥවරු එබැවින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටි අහර දෙපාර්ශ්ය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කර තිබෙනවා..