27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටෙක්සාස් හි වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු 05ක් ජිවිතක්ෂයට

ටෙක්සාස් හි වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු 05ක් ජිවිතක්ෂයට

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ බීමතින් සිටි පුද්ගලයෙකු සිය මිදුලේ වෙඩිතැබීමට පුහුණුවෙමින් සිටියදී අසල්වැසි නිවසේ අයෙකු ඔහුට පවසා ඇත්තේ තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙස ය.එයට කෝප වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩිතැබීම සිදුකර ඇත.

මේ අතර, වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත්, එහිදී 08 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.