29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsෆේස්බුක් ගැන මාර්ක් සකර්බර්ග්ගේ තීන්දුව?

ෆේස්බුක් ගැන මාර්ක් සකර්බර්ග්ගේ තීන්දුව?

පරිශීලකයින් බිලියන 3කට අධික පිරිසක් සිටින ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් ය.

නමුත්, ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ වසර 18කට පසු පළමු වරට ෆේස්බුක් හි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් අඩුවී ඇති බව ය.

ෆේස්බුක් ආදායම අඩු වීමට හේතුව ටික්ටොක් හා යූටියුබ් බවත්, ෆේබුක් සමාගමේ මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් පැවසුවේ, 2020 වසරේ අවසන් කාර්තුවේදී ෆේස්බුක් පරිශීලක අගය බිලියන 1.930ක් වූ බවත් 2021 වසරේ එම අගය බිලියන 1.929ට අඩුවී ඇති බව ය.

එම ප්‍රවෘත්තිය පළවීමත් සමගම නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි මෙටා සමාගමේ කොටස් මිල 20%කින් අඩුවී තිබුණ අතර ඒ හේතුවෙන් සමාගමේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 200කින් පමණ කඩාවැටී ඇති බව වාර්තා වේ.

ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ විශේෂයෙන්ම තරුණ පිරිස් අනෙකුත් සමාජ මාධ්‍යජාල වෙත යොමුවීම හේතුවෙන් මෙටා සමාගමේ වෙළෙඳ ආදායම අඩුවෙමින් ඇති බව ය.

මේ අතර, තම පින්තූරය භාවිතකරමින් පළකෙරෙන ව්‍යාජ දැන්වීම් වැළැක්වීමට ෆේස්බුක් සමාගමට නොහැකි වූ බව පවසා ඔස්ට්‍රේලියානු බිලියනපතියෙක් ෆේස්බුක් සමාගමට එරෙහිව අපරාධ නඩුවක් පවරා තිබේ.

ඇන්ඩෲ ෆොරස්ට් පවසන්නේ ෆේස්බුක් සමාගම විසින් මුදල් විශුද්ධිකරණයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පනවා ඇති නීති කඩකර ඇති බවයි. ෆේස්බුක් ගෝලීය වශයෙන් අපරාධ නඩුවකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය බව ඔහු පවසා සිටියා.