― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනයෙන් කොළඹට ආ බස් රිය මාරවිලදී අනතුරට

යාපනයෙන් කොළඹට ආ බස් රිය මාරවිලදී අනතුරට

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාරවිල – ලංසිගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (02) අලුයම 1.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට පත්ව ඇත්තේ යාපනය ඩිපෝවට අයත් බස් රථයක් වන අතර, රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසනවා.

අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර බස් රථයට සහ විදුලිය පහන් කණුවට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

මාරවිල පොලීසියේ රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. බස් රථය විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් පසු අවට ප්‍රදේශයට විදුලිය ද විසන්දි වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.