― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportගාම්භීර් හා කෝලි IPL පිටිය මැද ඇවිළෙයි

ගාම්භීර් හා කෝලි IPL පිටිය මැද ඇවිළෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ඊයේ (01) රාත්‍රියේ පැවැත්වුණේ ලක්නව් හී භාරත් රත්න ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගය ලකුණු 18කින් ජයගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට හැකියාව ලැබුණා. බැංගලෝර් පිළ මෙම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිටිය තුළදී බැංගලෝර් සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ලක්නව් පිළේ උපදේශ ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මේ වනවිට එම සිදුවීම බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති අතර, දෙදෙනා අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වය සමථයකට පත් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින්ට මැදිහත් වීමට ද සිදු වූ ආකාරය දැකගත හැකි වුණා.

මෙම සිදුවීමට පෙර ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් ද විරාට් කෝලි සමඟ කිසියම් වචන හුවමාරුවක් සිදුකර ගන්නා ආකාරය ද කැමරා කාචයට හසුව තිබුණා.