22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති ලන්ඩන් යයි

චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති ලන්ඩන් යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලැඹෙන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට නියමිතය.

ලන්ඩනයේ පැරණිතම ආසන දෙව්මැදුර වන වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන උත්සවයට රාජකීයයන්, ජාත්‍යන්තර නායකයින්, දේශපාලනඥයන් සහ තෝරාගත් මහජනතාව සහභාගී වනු ඇත.

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වී ජනාධිපතිවරයා සඳුදා යළි දිවයිනට පැමිණෙනු ඇති බවද පැවසේ.