31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රංශයේ මැයි දින විරෝධතාවේදී පොලිසියේ 108කට තුවාල

ප්‍රංශයේ මැයි දින විරෝධතාවේදී පොලිසියේ 108කට තුවාල

ප්‍රංශය පුරා ඊයේ (01) පැවති මැයි දින පෙළපාලිවලදී ඇති වූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැටුම්වලට සම්බන්ධ 291 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති මැයි දින පෙළපාලි සඳහා 7 ලක්ෂ අසූ දෙදහසක ජනතාවක් එක්ව සිටි බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

පැරිස් අගනුවරට පමණක් එක් ලක්ෂ දොළොස්දහසක ජනතාවක් එක්ව සිට ඇති අතර
සාමකාමීව ආරම්භ වූ පෙළපාලි සඳහා කඩාකප්පල්කාරි පිරිසක් පෙට්‍රල් බෝම්බ සහ ගිනිකෙළි විසි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කදුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් පොලිසිය ඊට ප්‍රතිචාර දක්වා තිබේ.