28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතායිවානයෙන් අලුත් එන්නතක්

තායිවානයෙන් අලුත් එන්නතක්

තායිවානය නිෂ්පාදනය කළ සිය පළමු කොවිඩ් මර්දන එන්නත භාවිතයට එක් කිරීමට පියවර ගෙන ඇත.

එරට සෞඛ්‍ය අංශය විසින් කඩිනමින් අනුමැතිය දීම පිළිබඳ විවේචන එල්ල වෙමින් තිබෙන මොහොතක එම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට තායිවාන රජය තීරණය කර ඇත. මෙඩිජෙන් නමින් හැඳින්වෙන මේ එන්නත පසුගිය මාසයේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇතත් තවමත් එය පරීක්ෂණ මට්ටමේ පවතින බවටත්, එහි සායනික පරීක්ෂණ සම්පූර්ණ කර නැති බවටත් චෝදනා එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

කෙසේ වෙතත් එරට ජනතාව දෙගිඩියාවට පත් වීම සහ එම එන්නත බෙදාහැරීමේ දී උද්ගතව ඇති ප්‍රමාදය නිසා එහි ඉදිරි කටයුතුවලට බාධා පැන නැගී ඇතැයි ද වාර්තා වේ.

ජනතාව තුළ ඇති දෙගිඩියාව මඟ හරවා දැමීමේ අරමුණින් පසුගියදා තායිවානයේ ජනාධිපතිනි ට්සායි ඉංග් වෙන් මෙඩිජන් කොවිඩ් මර්දන එන්නත විද ගනිමින් සිය ජනතාව දිරිමත් කළාය.

මෙඩිජන් කොවිඩ් මර්දන එන්නත පිළිබඳ අවසන් සායනික පරීක්ෂණය මේ වසර අගභාගයේ පැරගුවේහිදී සිදු කිරීමට නියමිතය.

බුද්ධි කරුණාරත්න