― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබඹර දෂ්ටනයකින් පාසල් සිසුන් 04 දෙනෙක්ට තුවාල

බඹර දෂ්ටනයකින් පාසල් සිසුන් 04 දෙනෙක්ට තුවාල

නොර්වුඩ් එල්බඩ පහාල කොටස ද්‍රවිඩ විදුහලට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනෙකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ එම විදුහලේ ගුරුවරයෙකු පවසන ලද්දේ 02 වන දින පාසල පැවැත්වෙන කාලය තුළදී පාසල අසළ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් විසින් පහර දීමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනෙකු හා එක් සිසුවෙකු තුවාල ලබා ඇති බවත්ය.

එසේ තුවාල ලැබූ එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. මේ පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වූ දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ නිලධාරියෙකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම සිසුන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.