31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයොවුන් ක්‍රිකට් පිළ පකිස්ථානය හමුවේ පරාජය වෙයි

යොවුන් ක්‍රිකට් පිළ පකිස්ථානය හමුවේ පරාජය වෙයි

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වන ස්ථානය සඳහා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ ලකුණු 238කින් පරාජයට පත්වී තිබේ.

පාකිස්තාන කණ්ඩායම, නියමිත පන්දුවාර 50දී කඩුළු 3ක් දැවී ලකුණු 365ක් ලබාගැනීමට සමත් වුණි.

නායක ක්වාසීම් අක්‍රම් පන්දු 80කදී නොදැවී ලකුණු 135ක් සහ හසීබුල්ලා කාන් ලකුණු 136ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් විසින් ලබාගැනීමට හැකි වුණේ ලකුණු 136 පමණකි.

විනුජ රන්පුල් නොදැවී ලකුණු 53ක් සහ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ද පාකිස්තාන නායක ක්වාසීම් අක්‍රම් කඩුළු 5ක් දවාගත් අතර 19න් පහළ ලෝක කුසලාන තරගයකදී ශතකයක් සහ කඩුළු 5ක් දවාගත් පළමු ක්‍රීඩකයා ලෙස ඔහු සැලකෙයි.