― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදැරියන් දෙදෙනෙක්ට විදුහල්පතිගෙන් අමුතු පාඩමක්

දැරියන් දෙදෙනෙක්ට විදුහල්පතිගෙන් අමුතු පාඩමක්

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන දෙමළ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා පුපුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා විසින් එම පාසලේ වයස අවුරුදු 14 හා 15 වයස්වල ශිෂ්‍යාවන්ට මෙසේ ලිංගික අතවර කර ඇතැයි පාසල් සංවර්ධන සමිතිය මගින් පුපුරැස්ස පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුවයි පරීක්ෂණ පවත්වා එම විදුහල්පතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ.

වයස අවුරුදු පනස් එකක් වූ මෙම විදුහල්පතිවරයා ගලහා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල නිම වූ පසු සිසුන් සමග මොහු බස් රථයකින් ගලහා ප්‍රදේශයට යාම සිදු කර තිබෙනවා.

ශිෂ්‍යාවන් අසළ වාඩි වන මොහු රාජකාරි බෑගයට මුවා කරමින් ශිෂ්‍යාවන්ගේ පපු ප්‍රදේශය අතගෑම, කලව අතගෑම එක් ක්‍රියාවක් බව එම පැමිණිලිවල සඳහන් අතර ඒ අනුව පොලිසිය කළ පරීක්ෂණවලදී එම ශිෂ්‍යාවන්ගේ කට උත්තර හා එය දැක ඇති සිසුන්ගේ ප්‍රකාශ මත එම පැමිණිලි තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා.

මොහුගේ මෙවැනි සිද්ධි පිළිබඳව පාසල් සංවර්ධන සමිතිය හා දෙමව්පියන් විසින් මීට පෙර කලාප කාර්යාලයටද පැමිණිලි කර ඇති අතර ඒ අනුව එම විදුහල්පතිවරයා කලාප කාර්යාලය වෙත මාරුකර කාර්යාලය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විදුහල්පතිවරයාගේ බිරිඳ ගුරුවරියක් වන අතර ඇය ගලහා ප්‍රදේශයේ පාසලක සේවය කරයි. අත්අඩංගුට ගත් විදුහල්පතිවරයා අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.