27.5 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඅජේ බංගා ලෝක බැංකු සභාපති ධුරයට

අජේ බංගා ලෝක බැංකු සභාපති ධුරයට

2019 වසරේ ලෝක බැංකුවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගත් ඩේවිඩ් මැල්පාස්ගේ ධූර කාලය 2024 වසරේදී අවසන් වීමට නියමිතය.

ඒ අනුව ඔහු මීට පෙර නිවේදනය කර තිබුණේ තමන් ඉක්මනින් ඉල්ලා අස්වන බවයි.

ලෝක බැංකුවේ නව සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රැස්වීමක් පැවැත්වීය.

එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ලෝක බැංකුවේ මීළඟ සභාපති තනතුර සඳහා ඉන්දියානු ඇමරිකානු පුරවැසි අජේ බංගා නිර්දේශ කර තිබේ.

ලෝක බැංකුවට අනුව මෙතෙක් සභාපති ධූරයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ අජේ බංගා පමණි. එබැවින් ඔහු නිතරගයෙන් ලෝක් බැංකු සභාපති ධුරයට තේරී පත්වී ඇත.