― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෙසක් පෝයදා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

වෙසක් පෝයදා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

හෙට (04) දිනයේදී සමරනු ලබන වෙසක් පෝය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව හෙට (05) සහ අනිද්දා (06) යන දිනවල මෙම අවස්ථාව ලබා දෙන බවයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දින දෙකේදී සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එනු ලබන ආහාර පාර්සලයක් හා රස කැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමටත්, බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට දිවයිනේ සියලුම බන්ධනාගාරවල පහසුකම් සලසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.