― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsසංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප

රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර සේනානායක ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් යන අයට චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ එම චෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ බැඳුම්කරයක් මත අද දින මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කර සිටියා. 2014 වසරේ මාර්තු මස 1 වනදා සහ එම වසරේ ඔක්තෝබර් මස 14 වනදා දක්වා කාලසීමාව තුළ පැවති බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ට සහාය පළ කරමින් ‘රාජ්‍ය සේවකයින් අපේ ශක්තියයි’ යනුවෙන් එම වසරේ මාර්තු මස 13 වනදා සියලු පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රුපියල් 4295480/- ක මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.