― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමාර්තුවේදී අපනයන ආදායම පහළට

මාර්තුවේදී අපනයන ආදායම පහළට

2022 මාර්තු මාසයට සාපේක්ෂව 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.96% කින් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,037.5 දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වාර්තා කරයි.

එපමනක් නොව, එය 2021 මාර්තු මාසයට සාපේක්ෂව 5.14% ක අඩුවීමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වෙළඳපලවල ප්‍රධාන නිෂ්පාදන සඳහා නිර්මාණය වී ඇති අඩු ඉල්ලුම තවදුරටත් අඛණ්ඩව පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.