24.5 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherපහළ වායුගෝලය කැලඹෙයි - දිවයිනට තද වැසි

පහළ වායුගෝලය කැලඹෙයි – දිවයිනට තද වැසි

මේ වනවිට දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධන වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරහමුව, වයඹ සහ දකුණු පළාත්වල ඊයේ (04) රාත්‍රියේ සිට පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළා.

විශේෂයෙන් එම පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඔහු සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ බස්නාහිර, සබරහමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර්තා වූ බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ද ඇදහැලුණු බවට වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් පැවසුවේ.