26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ පාසලක වෙඩිතැබීමකින් 7ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ පාසලක වෙඩිතැබීමකින් 7ක් ජීවිතක්ෂයට

වයඹදිග පාකිස්ථානයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් 05 දෙනෙක් සහ කම්කරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාසල් අවසන් වීමෙන් අනතුරුව ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරමින් සිටින අවස්ථාවේ පාසලට ඇතුළු වු පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ජාතිවාදී සහ ආගමික අර්බුදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.