― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldචාල්ස් රජුගේ රාජාභිෂේකය අදයි

චාල්ස් රජුගේ රාජාභිෂේකය අදයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු අද (06) දිනයේ තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ගැන්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේදී පැවැත්වෙන අතර මෙහිදී කැමිලා කුමරියද රජ මෙහෙසිය ලෙස අද දිනයේ ඔටුණු පැළඳීමට නියමිතයි.

එමෙන්ම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී කිරුළු පළදින 40 වැනි අධිරාජ්‍යයා ලෙස චාල්ස් රජු ඉතිහාසයට එක්වනවා.

මේ අතර මේරි රැජිණගේ ඔටුන්න චාල්ස් රජුගේ ඔටුණු පැළඳීම සඳහා භාවිතයට ගැනීමට බකිංහැම් මාලිගය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ඔටුන්නට දෙවන එළිසබෙත් රැජිණගේ ආභරණවල දියමන්ති ද එක්කර යාවත්කාලින කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 70 කට පසු සිදුකරන පළමු රාජාභිෂේකය ද මෙය වන අතර චාල්ස් රජුගේ මෙම රාජාභිෂේකයට ලොව පුරා සිටින ආරාධිතයිත් රැසක් ඇරයුම් ලබා ඇති අතර ඒ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් විශේෂයි.

පැය දෙකකට ආසන්න කාලයක් පවතින රාජාභිෂේක උත්සවය වෙනුවෙන් අමුත්තන් 2,300ක් එක්වීමට නියමිත බව BBC පුවත් සේවය වාර්තා කළා. රජ පවුල වෙනුවෙන් සියලුම සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගීවන බවට තොරතුරු වාර්තා වන අතර හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකල් කුමරිය පමණක් මෙම අවස්ථාවට එක්‌ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ආරක්ෂාව ද තරකර ඇති අතර රාජාභිෂේක උත්සවයේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයින් 11,500ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එරට කාලගුණ අංශ නිකුත් කර ඇති වර්ෂාව පිළිබඳ අනාවැකි නොතකා, බ්‍රිතාන්‍ය නව රජු දේවස්ථානය වෙත ගමන් ගන්නා පෙරහැර මාර්ගයට දැනටමත් සෙනඟ එක්රැස් වීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.