― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආධුනික බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

ආධුනික බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

තම යට ඇඳුම තුළ සඟවාගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රුපියල් දහසේ නෝට්ටුවක් රැගෙන යාමට උත්සාහ කළ ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නියාමකවරයා රාජකාරිය අවසන් කර රැඳවියන් බන්ධනාගාරය තුළට ඇතුළත් කිරීමෙන් අනතුරුව යළිත් බන්ධනාගාරය තුළට යාමට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඔහුව සෝදිසි කර ඇත.

එහිදී උපක්‍රමශීලි ලෙස සඟවාගෙන සිටි රුපියල් දහසේ නෝට්ටුවක් ඔහුගේ යට ඇඳුමේ තිබී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ආධුනික නියාමකවරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මූලික විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.