― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ විය.

විභාගය ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නිඅයමිතය. විභාග මධ්‍යස්ථාන 2,438කදී සිසුන් 345,242දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ සදහා පාසල් අයැදුම්කරුවන් 279,141ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 66,101 දෙනෙකු පෙනි සිටියි.

කොරෝනා වැළඳුණු අපේක්ෂකයින්ට දිස්ත්‍රික් මට්ටමින් වෙනම මධ්‍යස්ථාන 29ක්ද මෙවර ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කරයි. නිරෝධායනයට ලක්ව සිටින විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන්නෙකු බව අදාළ ශාලාධිපති වෙත දැන්වීම අනිවාර්ය වේ.

ඉන් අනතුරුව එම අපේක්ෂකයින්ට විභාග ශාලාව තුළ ස්ථාපිත කර ඇති විශේෂ විභාග කාමරයක් තුළ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසේ.

මෙවරද විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම වසරේ පැවැත්වෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 උසස් පෙළ විභාගයයි.