― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයළිත් සංචරණ සීමා පැනවීමේ සූදානමක්ද?

යළිත් සංචරණ සීමා පැනවීමේ සූදානමක්ද?

සීඝ්‍රයෙන් පැතිරෙන කෙරෝනා වසංගතය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

වර්තමානයේ සමාජය තුළින් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පවසයි.

ඊයේ (06) මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1331 දෙනෙක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 618, 520ක් දක්වා ඉහළ ගියේය.

තවත් කොරෝනා මරණ 23ක් ඊයේ වාර්තා වූ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ පෙරේදා තහවුරු කර ඇත. ඒ අනුව මේ වනවිට මෙරට කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 15,595 දෙනෙකු මියගොස් තිබේ.