― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිවයින පුරා සෞඛ්‍ය වර්ජනයක්

දිවයින පුරා සෞඛ්‍ය වර්ජනයක්

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹා තිබේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, හෘද පෙනහළු නිවේශක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක සියලු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වේ.

ඔවුන්ගේ ඉල්ලීම් පහත පරිදි වේ.

  1. 2021 ජූලි මස 05 වැනි දින අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ,

ඇ. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාළව, තනතුරු නම් කරන ලද චක්‍රලේඛය නිකුත් නොවීම.

ඹ්. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාළව,
ඉ. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛ නිකුත් කිරීමට වන ප්‍රමාදය
ඊ. විෂමතා ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාළ තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.

  1. ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
  2. අතිකාල රේට් අගය නිර්ණයේදී සියලු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම.
  3. වෘත්තීයවේදී උපාධියට අදාළ නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.
  4. සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම.
  5. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහළ දැමීම.
  6. සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම.