― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදරුවන්ට ප්ලාස්ටික් සෙල්ලම් බඩු දෙන්නේ බලාගෙනයි

දරුවන්ට ප්ලාස්ටික් සෙල්ලම් බඩු දෙන්නේ බලාගෙනයි

ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන, අලෙවිය සීමා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර කියා සිටියේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ ලෙස ගැටලු ඇති කරන බවත් මෙම සෙල්ලම් බඩුවල ප්ලාස්ටික්වලට අමතරව බැර ලෝහ අඩංගු විවිධ තීන්ත වර්ගද අන්තර්ගත බවත්ය.

මේ හේතුවෙන් ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන සහ අලෙවිය සීමා කිරීම සම්බන්ධව එම අධිකාරියේදී සාකච්ඡා කීපයක්ම පැවැත්වූ බවයි ඇය සඳහන් කළේ.