මෙක්සිකෝවේ 11 හැවිරිදි Adhara Pérez Sanchez දැරිය ශාස්ත්‍රපති (masters) උපාධියක් ලබාගත් ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා තිබේ.
ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ට වඩා ඉහළ බුද්ධි මට්ටමක් මෙම දැරියට ඇති බවයි පැවසෙන්නේ. අදාරා ඇයගේ IQ පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙක්සිකානු ජාතික මෙම දැරිය අනාගතයේදී නාසා ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි පවසා ඇත්තේ.
ප්‍රංශ සඟරාවක් වන Marie Claire වාර්තා කරන්නේ එය දැනට තරුණ සිසුන්ට අභ්‍යවකාශ ගවේෂණය සහ ගණිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙක්සිකානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ එක්ව කටයුතු කරන බවයි.
11 හැවිරිදි ඇය CNCI විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් සහ මෙක්සිකෝවේ තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විශේෂඥතාවක් සහිත කාර්මික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ තවත් උපාධියක් ලබා ඇති බව වාර්තා වේ.