― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපවිත්‍රාගේ විදෙස් ගමන් තහනම ඉවතට

පවිත්‍රාගේ විදෙස් ගමන් තහනම ඉවතට

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

පසුගිය වසරේ මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න යන තිදෙනාට විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.

ඒ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.