― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදැරියන්ට හදි කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට

දැරියන්ට හදි කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති අතර ඒවා නිරීක්ෂණය කරමින් අගතියට පත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවයි කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේ.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන් අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණය වී දෙමාපියන් දැනුවත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම උපකාරක ගුරුවරයා අතින් අපයෝජනයට ලක් වූ දැරියක් වේ නම් කළුතර උතුර පොලීසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.