― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ජනගහනයෙන් 3%ක් තැලසීමියා වාහකයින්

මෙරට ජනගහනයෙන් 3%ක් තැලසීමියා වාහකයින්

මෙරට ජනගහනයෙන් 3%ක් තැලසීමියා වාහකයින් බවට අනාවරණය වී ඇති බවත් තැලසීමියා රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වී ඇති බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඒකකයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද පැවසීය.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ තැලසීමියාව බහුල අනෙකුත් රටවල් එම රෝගය පාලනය කර තිබියදීත් ශ්‍රී ලංකාවට එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නොමැති බවයි.

ලෝකයේ තැලසීමියාව බහුල රටවල් අතරින් එකක් තමා ශ්‍රී ලංකාව. තැලසීමියාව බහුල අනෙක් රටවල් ගත්තොත් ගීසිය, ඉතාලිය, සයිප්‍රසය වගේ ඒ රටවලට පුළුවන්කම ලැබිලා තියෙනවා තැලසීමියා රෝගීන් බිහිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. අපේ සෞඛ්‍ය සේවයට පහසුවෙන් ජනතාව අතරට යන්න පුළුවන්. එහෙම වෙලත් අපිට දශමයකින්වත් මේ තැලසීමියා රෝගීන් බිහිවීම වළක්වා ගන්න බැරිවෙලා. එතනදී අපි කරන්න ඕන එකම දේ තැලසීමියා වාහක දෙදෙනෙකු අතර විවාහය නවත්වන්න. හැමකෙනෙක්ම තමන්ගේ විවාහයට පෙර තැලසීමියා වාහකයෙක් ද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම සොයා ගතයුතුමයි. ලංකාවේ 3%ක් තැලසීමියා වාහකයින් කියලා හොයා ගත්තා. විවාහයට පෙර තැලසීමියා රෝගියෙක් ද කියලා හොයලා බලන්න. නොමිලේ කරගන්න.