― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරාම මල්ලි අත්අඩංගුවට

ආරාම මල්ලි අත්අඩංගුවට

ප්‍රදේශ රැසක නිවෙස්වලින් භාණ්ඩ සොරාගත් ‘ආරාම මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙක් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොට්ටාව, මහරගම, බොරලැස්ගමුව, හෝමාගම ප්‍රදේශවල නිවාස හතළිහක් පමණ බිඳ රුපියල් කෝටි දෙකකට අධික භාණ්ඩ සොරාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු විසින් නිවෙස්වලින් සොරාගන්නා ලද රන් පවුම් 120ක ප්‍රමාණයක් හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසැලකට විකුණා තිබියදී සොයාගෙන තිබේ.

සැකකරු සතුව තිබී ලැප්ටොප් පරිගණක 6ක් සහ මුදලින් රුපියල් 50,000ක්, හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.