― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබාලවයස්කාර හිමිනමකට හදි කළ තවත් දෙනමක් අත්අඩංගුවට

බාලවයස්කාර හිමිනමකට හදි කළ තවත් දෙනමක් අත්අඩංගුවට

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමිනමක් ඇතුළු චීවරධාරීන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කලුතර, පයාගල ගොරකදෙනිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන වයස අවුරුදු 43 සහ 17 වයස්වල පසුවන හිමිවරුන් තුන් දෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අතවරයට පත් සාමනේර හිමියන්ගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදු කළ අතර සැකකාර හිමිවරුන් විහාරස්ථානයෙන් පළා ගොස් සැඟවී සිටි බවට හෙළි වුණා.

පසුගිය 04 වනදා සැකකාර හිමිවරුන් නීතිඥයකු මාර්ගයෙන් කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර එය ප්‍රතික්ෂේප කළ අධිකරණය පොලිසියට නියෝග කර තිබුණේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

ඒ අනුව පළා ගොස් සිටි ස්වාමීන් වහන්සේලා තිදෙනා අද පයාගල පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2021 වසරේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදු කළ බවට පැමිණිල්ලේ සඳහන්.

අතවරයට පත් සාමනේර හිමි නම වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශික්ණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ද ලබාගෙන තිබෙනවා. සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදී ඇතැයි සඳහන්.