29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවියට්නාම දූත පිරිසක් ඇමති විදුර හමුවෙයි

වියට්නාම දූත පිරිසක් ඇමති විදුර හමුවෙයි

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (11) පැවැත්වී තිබෙනවා.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුව සඳහාත් මෙම දූත පිරිස ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී දළඳා මාළිගාව, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගනය යනාදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳපුදා ගැනීම සහ අති පූජ්‍ය භික්ෂූන් වහන්සේලා බැහැදැකීමටත් මෙම දූත පිරිසෙහි අරමුණ වී තිබෙනවා.