28.4 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට රෝහල් හයකට නව පියයුරු පිළිකා සායන

මෙරට රෝහල් හයකට නව පියයුරු පිළිකා සායන

මේ වසරේ සිට මෙරට රෝහල් 06ක නව පියයුරු පිළිකා සායන ආරම්භ කිරීමට පියයුරු පිළිකා මර්දන වැඩසටහන කටයුතු කර තිබේ.

ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසන්නේ පියයුරු පිළිකා නිට්ටාවට සුව කිරීමේ හැකියාව පවතින නිසා අලුතෙන් මීගමුව, හලාවත, හොරණ, පානදුර, කළුතර සහ කුලියාපිටිය රෝහල්වල පියයුරු පිළිකා සායන ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ සඳහා අවශ්‍ය පියයුරු ස්වයං පිරික්සුම් ආදර්ශක විසිහයක් මිලදී ගැනීම සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහන ටෙන්ඩර් කැඳවා ඇති අතර පියයුරු පිළිකා රෝගීන් බවට හඳුනාගන්නා කාන්තාවන්ට පොරොත්තු ලේඛනවල නොසිට අදාළ සැත්කම් සහ පරීක්ෂණ සිදුකිරීම මෙම සායන මගින් සිදුකෙරේ.