26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියන්ට චොක්ලට් දෙන්න ගිය තරුණයින් දෙදෙනා අත්අඩංගුවට

සිසුවියන්ට චොක්ලට් දෙන්න ගිය තරුණයින් දෙදෙනා අත්අඩංගුවට

වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියන් තිදෙනෙකුට චොක්ලට් ලබාදීමට උත්සාහ කළ බව කියන තරුණයක් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම ප්‍රදේශයේ සිසුන්ට චොකලට් ලබා දී පැහැර ගැනීමට තැත්කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී මෙවන් අවස්ථාවක මෙම වෑන් රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුවියන් තිදෙනෙකුට චොකලට් ලබා උත්සාහ ගෙන ඇති අතර ඒ අනුව සැකපිට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (11) පස්වරුවේ තලෙයිමන්නාරම, පනන්කට්ටු බටහිර ප්‍රදේශයේදී වෑන් රථයකින් ගොස් ඔවුන් මෙම පාසල් සිසුවියන්ට චොක්ලට් ලබා දීමට උත්සාහ කර ඇති බවත් මෙම වෑන් රථය තලේමන්නාරම ප්‍රදේශයේ රසකැවිලි ප්‍රවාහන කරන (ඩිලිවරි) වෙළෙඳසැලකට අයත් වෑන් රථයක් බවත් පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී සිසුවියන් තිදෙනා කෑගසා දිවගොස්, ඒ අසළ ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් මේ බව පවසා ඇති අතර ඒ අනුවයි ඔවුන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.