― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමාතර වෙළඳසැලකින් මතු වූ ඉන්දීය බිත්තර තොගය

මාතර වෙළඳසැලකින් මතු වූ ඉන්දීය බිත්තර තොගය

මාතර – වල්ගම ප්‍රදේශයේ වෙළඳසැලකින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයක් සොයාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදීමටත්, බේකරි නිෂ්පාදන සඳහා පමණක් ලබාදීමට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව අවසර ලබා දුන්නේය.

කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළු වීම වැළැක්වීමේ අරමුණ ඇතිවයි ඔවුන් මෙම තීරණය ගනු ලැබුවේ. වෙළඳසැලේ හිමිකරුගේ සහෝදරයෙකුට බේකරි නිෂ්පාදන ආයතනයක් පවතින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ හරහා අදාළ බිත්තර තොගය වෙළඳසැලට ලැබෙන්නට ඇති බවටටයි සැක කෙරෙන්නේ.