― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldපැපුවා නිව්ගිනියා විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

පැපුවා නිව්ගිනියා විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

පැපුවා නිව්ගිනියා විදේශ ඇමති ජස්ටින් කැචෙන්කෝට්ස්ට සිය ඇමති ධූරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීමේදි සිය දියණියද එම අවස්ථාවට සහභාගී කරවා ගෙන ඇති අතර ඇය සුඛෝපභෝගී ගුවන් යානයේ සිට කරන ටික්ටොක් වීඩියෝවන් සමාජ මාධ්‍යට මුදා හැරීමයි ඔහුගේ අමාත්‍ය ධුරය අහිමි වීම්මට හේතුව වී ඇත්තේ.

මෙම සංචාරයට රජයේ මුදකින් ඩොලර් ලක්ෂ 9ක් වැය කර ඇති අතර එම සංචාරය සඳහා සිය බිරිඳවත් සහභාගී කරවා ගැනීමට කිසිදු අවසරයක් නොතිබූ වපසරියකයි ජස්ටින් කැචෙන්කෝ සිය දියණිය මෙම සංචාරය සඳහා සහභාගී කරගෙන ඇත්තේ.

ජස්ටින්ගේ දියණිය වන සවානා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇති අතර එහි සිට ලන්ඩනය බලා පැමිණෙමින් සිටිය දී පියාගේ වරප්‍රසාද යටතේ සංගප්පූරුවෙන් ගොඩ බැස සාප්පු සවාරියකද නිරත වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රජයේ මුදල් අවභවිතා කරමින් දියණියද ලන්ඩනයට ගෙන්වා ගැනීම යන චෝදනා යටතේ ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.