ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති අතර කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැත.