― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවිදුලි බිල 03%කින් අඩු කිරීමට යෝජනාවක්

විදුලි බිල 03%කින් අඩු කිරීමට යෝජනාවක්

සියයට 03ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලය ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැළසුම හා අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බවයි.