― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsWhatsApp අලුත් වෙයි

WhatsApp අලුත් වෙයි

Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංගයක් එක් කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ පරිශීලකයින්ට විශේෂිත chat ලොක් කිරීම කළ හැකි අතර මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි Meta සමාගම නිවේදනය කර ඇත්තේ.

මේ පිළිබඳව විස්තර කරමින් මෙටා සමාගම පවසන්නේ එවැනි chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි.

මෙම නව විශේෂාංගය හරහා තම chat රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලකයන් සඳහා අමතර ආරක්ෂාවක් සපයනු ලබන අතර යමෙකු ඔබගේ දුරකථනය අතට ගත්තද, ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව ඔබගේ Lock කර තිබෙන chat වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇති.