― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeNewsගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

බද්දේගම, නියාගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වලට හෙට (17) සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇති විය හැකි‍ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පදිංචි මහ ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන් ද මේ පිළිබඳ දැනුවත් වීම වැදගත් බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.