― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsකුඩා දැරියකට හදි කළ බාප්පාගේ සිරුර කනත්තෙන් හමුවෙයි

කුඩා දැරියකට හදි කළ බාප්පාගේ සිරුර කනත්තෙන් හමුවෙයි

13 හැවිරිදි පාසල් දැරියක් දින ගණනාවක් අපයෝජනය කළ එක්දරු පියකු එම සිද්ධිය හෙළි වී පොලිසියට හසු වෙතැයි බියෙන් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා නාවලපිටිය, දොඹගස් තලාව ප්‍රදේශයේ සුසාන භූමියක තිබූ ගසක එල්ලී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. නාවලපිටිය පොලිසිය සඳහන් කළේ මෙලෙස දැරිය අපයෝජනය කර දිවී හානිකරගෙන ඇත්තේ ඇයගේ බාප්පා බවයි.
මෙම පුද්ගලයාට ද වයස අවුරුදු 13ක දියණියක් සිටින අතර මොහුගේ බිරිඳ විදේශගතව සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

අපයෝජනයට ලක්වූ දැරියගේ මව සැකකරුගේ බිරිඳගේ අක්කා බවත් ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව නිරතව සිටින බැවින් අදාළ දැරිය සහ සැකකරුගේ දැරිය ඔහුගේ මව හා පියා භාරයේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය පාසලේ පන්ති භාර ගුරුවරිය වෙත පැවසීමත් සමඟ ගුරුවරිය මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා. අනතුරුව සැකකරු සොයා පොලිසිය ඊයේ (16) නිවසට යාමත් සමඟ ඔහු පළාගොස් ඇති අතර අද (17) උදෑසන ඔහුගේ සිරුර කනත්තක ගසක එල්ලෙමින් තිබිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.