― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිජයග්‍රහණයේ 14 වන රණවිරු සැමරුම අදයි

විජයග්‍රහණයේ 14 වන රණවිරු සැමරුම අදයි

දශක තුනක් තිස්සේ මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14ක් සපිරෙනවා.

ඒ හේතුවෙන් රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අභීත රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.

එම ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් විසි අට දහසකට (28000) ආසන්න ප්‍රමාණයක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූවා.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වන්වා.

එමෙන්ම විසි හත්දහසකට (27000) අධික පිරිසක් මෙම මානුෂීය සටනේදී ඇස්, ඉස්, මස්, ලේ දන් දී ආබාධිත තත්ත්වයට පත් වුණා. අපගේ මාතෘ භූමිය රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීම උදෙසා දිවි දුන් රණවිරුවන්ට සහ රට වෙනුවෙන් ආබාධිත වූ සියළු රණවිරුවන්ට අපගේ උත්තමාචාරය.