29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට දෛනික පොලිතින් භාවිතය මිලියන 44ක්

මෙරට දෛනික පොලිතින් භාවිතය මිලියන 44ක්

මෙරට දිනකට සිලි සිලි මලු (ෂොපින් බෑග්) මිලියන 44ක් විතර භාවිත කෙරෙන බවත් ෂොපින් බෑග් භාවිතය පරිසරයට විශාල තර්ජනයක් බවත් මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර පැවසුවාය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ එක් පාරිභෝගිකයකු දිනකට ෂොපින් බෑග් හතරක් පමණ භාවිත කරන බවත් මෙරට ජනගහනයෙන් දළ වශයෙන් මිලියන 11ක් පමණ වෙළෙඳපොළට දෛනිකව යන බවත්ය.

මෙම ෂොපින් බෑග් පරිසරයට බැහැර කිරීම නිසා පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන බවත් මෙලෙස ෂොපින් බෑග් අධික ලෙස භාවිත කිරීම දිගින් දිගටම සිදු වුවහොත් ඒවා පාලනය කිරීමට පොලිතින්වලට රෙගුලාසි පැනවීමට සිදුවන බවයි ඇය අවධාරණය කළේ.