― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsත්‍රිකුණාමලයේ මුල්ලිවයිකාල් සැමරුමට තහනම් නියෝගයක්

ත්‍රිකුණාමලයේ මුල්ලිවයිකාල් සැමරුමට තහනම් නියෝගයක්

ත්‍රිකුණාමලය ශිව කෝවිල අසළ පැවැත්වීමට සැලසුම් කර තිබූ මුල්ලිවයිකාල් සමරුවට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ත්‍රිකුණාමලය දිසා අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තහනම මහජන සාමය හා සංහිඳියාවට බාධා වන ඕනෑම උත්සවයක් සංවිධානය කිරීමට එරෙහිව නිකුත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 13 දෙනෙකුගේ නම් තහනම් නියෝගයේ සඳහන්ව තිබෙනවා.