― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsරන් මාලයක් කොල්ල කෑ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

රන් මාලයක් කොල්ල කෑ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑ පොලිස් නිලධාරියෙකු මහජනතාව විසින් අල්ලා පොලිසියට භාරදීමේ සිද්ධියක් එතන මඩල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඊයේ (18) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටි රන් මාලය කඩා ගැනීමට මෙම පොලිස් නිලධාරියා උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.

පොලිස් කොස්තාපල් රියදුරා මාලය කඩා ගැනීමට පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට බාරයට ගෙන ඇති අතර මොහු වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙක් බවයි පොලීසිය පවසන්නේ.