― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිලියන 43ක රත්තරන් කම්බි තොගයක් රේගු භාරයට

මිලියන 43ක රත්තරන් කම්බි තොගයක් රේගු භාරයට

මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මලු තුළ සඟවා තිබියදී රත්තරන් කිලෝග්‍රෑම් 2ක් සොයා ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී මෙම රත්තරන් සොයා ගෙන ඇති අතර ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකුගේ බෑග් පරික්ෂා කිරීමේදීයි මෙම රත්තරන් හමු වී ඇත්තේ.

එම රත්තරන් කම්බි ආකාරයෙන් සකස් කර ගමන් මලු තුළ සඟවා මෙරටට ගෙනැවිත් ඇති අතර එම රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 43 ක් වන බවටයි ගණන් බලා ඇත්තේ.