29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මෙලෙස මියගිය විසි දෙදෙනා අතර කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළින් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට ඩෙංගු රෝගීන් 100ක් පමණ වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. මේ අතර දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සතියට එක් දිනක් තම අවට පරිශ්‍ර පවිත්‍ර කිරීමට කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාශල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක දැනුම් දී තිබෙනවා.